28.4 C
Colombo
Friday, April 26, 2024

පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ්ට ලක්ෂ 500ක්

- Advertisement -

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හට කෝටි 5ක (ලක්ෂ 500ක) ත්‍යාග මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම හිමිකරගත් 35 හැවිරිදි දිනේෂ් ප්‍රියන්ත හේරත් අනුරාධපුරයේ පදිංචිකරුවෙකු වනවා.

සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව පසුගියදා යුදහමුදාපතිවරයා විසින් නිවේදනය කර සිටියා.

ඔලිම්පික් හා පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන අතර මේ හේතුවෙන් දිනේෂ්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාටද රුපියල් ලක්ෂ 165ක් පිරිනැමීමට නියමිතය.

ඊට අමතරව හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් තවත් ලෝකඩ පදක්කමක් හිමිකරගත් දුලාන් කොඩිතුවක්කු වෙතද රුපියල් කෝටි 2ක මුදලක් පිරිනැමීමට තීරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...