25 C
Colombo
Friday, January 17, 2025

ආනන්ද පාලිතට එරෙහිව මිලියන 500ක එන්තරවාසියක්

- Advertisement -

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්ති නාමයට හානි සිදුවූ බව කියමින් රුපියල් මිලියන 500ක එන්තරවාසියක් යොමු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා මහතා පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.

හිතාමතා, සැලසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේශසගහගත ප්‍රචාරයන් සම්බන්ධයෙන් මෙලෙස වන්දි ඉල්ලා සභාපතිවරයා විසින් නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර තිබෙනවා.

මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බවද සඳහන්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර්මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී. ජේ රාජකරුණා තම නීතිඥයන් මඟින් අවධාරණය කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මීට පෙර සිටි සභාපති ලබා ගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබා ගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්‍යක්‍ෂ මණ්ඩල දීමනා දෙකක් ලබා ගන්නා බව මෙන්ම ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.

එන්තරවාසියේ දක්වා තිබෙන්නේ දෙසැම්බර් මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත මහතා විසින් සිදු කළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනවල දී ප්‍රචාරයකර තිබූ බවත් ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය පුවත් පත්වල ද වාර්තාකර තිබු බවයි.

තවද එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත්පත් කියැවීමේ වැඩසටහන්වල දී ද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසිය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම මඟින් තමන්ගේ කීර්ති නාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක් කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ලබා දෙන ලෙස සභාපතිවරයා නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා තිබෙන බවයි පැවසෙන්නේ.

එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24 වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුව හොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බවත් අවධාරණය කර ඇතැයි වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES