29.2 C
Colombo
Tuesday, May 13, 2025

රේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් හිරවෙලා

- Advertisement -

රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ලබන සඳුදා වනවිට එම තදබදය අවම කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කර සිටියා.

මැතිවරණයක් ආසන්න වනවිට වෘත්තීය ක්‍රියාමාර්ග සුලභවීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බවත් බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් පළමුව සිය වෘත්තීය, දෙවනුව ආයතනය, තුන්වනුව රටේ පවතින තත්ත්වය සලකාබලා තීරණ ගත යුතු බවයි.

වැඩවර්ජන යනු වෘත්තීය සමිතියක් විසින් ක්‍රියාත්මක කළ යුතු පළමු ක්‍රියාමාර්ගය නොව අවසාන ක්‍රියාමාර්ග බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අනතුර ගැන හොයන්න විමර්ශන කමිටුව කොත්මලේට

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව අද (13) අනතුර සිදුවූ ස්ථානයට...

පාලුකඩවල වැවේ දියනෑමට ගිය දැරිවියන් දෙදෙනෙක් මරුට

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද...

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස්...

POPULAR ARTICLES