27.8 C
Colombo
Saturday, June 21, 2025

ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540ක්

- Advertisement -

වසරේ මේ දක්වා ගත වූ කාලය තුල ගාල්ල බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 540 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12)  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පැවැත්වුණු ගාල්ල  සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබුණා.

මෙම රැස්වීමේදී අදහස් දක්වමින් ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර් නිලධාරී ධනුෂ්ක පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ගල්ල බන්ධනාගාරයේ පිහිටීම මෙම ජංගම දුරකථන ජාවාරමට වාසි සහගත වී ඇති බවයි.

බන්ධනාගාරයට ඇත්තේ ඉතා කෙටි තාප්පයක් බවත් ඊට යාබදව ඇති මාර්ගයකින් ජනතාවට ගමන් කිරීමේ හැකියාව ඇති බවත් ඒ ඔස්සේ බන්ධනාගාරය තුළට පාර්සල් විසි කිරීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු පවසා සිටියා.  

බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් සිටියත් ජාවරම්කරුවන් වඩාත් සූක්ෂමව මෙය සිදු කරන බවත් ඔහු සඳහන් කළා.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා පැවසුවේ තාප්පයට ඉහළින් දැලක් සහ සීසීටීවී පද්ධතියක් සවි කිරීමට යෝජනා කර ඇති බවයි.

කෙසේවෙතත්, අවට ප්‍රදේශ රජයේ ආයතනවලට අයත්වී තිබීම හේතුවෙන් එය සිදුකිරීමටඅපහසු වී ඇති බවත් ජංගම දුරකථන භාවිතය වැළැක්වීම සඳහා ජෑමර් සවි කිරීම කළ යුතු බවත් ඔහු තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES