වන සතුන් නිසා කෘෂිකර්මාන්තයට වසරකට රුපියල් බිලියන පනස් පහයි දසම තුනක (55.3) හානියක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා.
රිළවා, දඬුලේනා මොනරා ආදිය සතුන්ගෙන් මෙම හානිය සිදුවන බවත් මෙම සතුන් පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් පවසන ඒ මහතා මොනරුන්ගේ විලාපිතයා වන නරියාද අද වඳ වී ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියා.
පරිසරවේදීන් කියා ගන්නා පිරිස් සතුන්ට හිරිහැර නොකරන ලෙස ප්‍රකාශ කළද තමාගේ අදහස ගොවීන් විසින් රිළවුන් 100ක් පමණ අල්ලාගෙන ඇවිත් පරිසරවේදීන්ගේ නිවෙස්වලට අත්හරින ලෙසත් එවිට එම සතුන්ගෙන්වන හානිය ඔවුන්ට දැකබලාගත හැකි බවත් ඒ මහතා පවසනවා.
පසුගියදා රටට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයඹ පලාතේ අක්කර 96,250 ක සහ දකුණු පළාතේ අක්කර 35,000ක වග විනාශ වී ඇති බවත් අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, බඩඉරිඟු අක්කර 34,450 ක් සහ එලවළු වගා අක්කර 23,900ක්ද හානිවී ඇති බවයි .