එළැඹෙන බ්‍රහස්පතින්දා (21) සිට සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50 කට වැඩි සංඛ්‍යාවක් ඒ ඒ ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බවට තොරතුරු වාර්තාවනවා.
මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සිට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් ඒවා වනවා.
එසේම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වනවා.
මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.
විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ලබන ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුවනවා.
පසුගිය ජනවාරි 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙරට පුරවැසියන්ට හෝටල් 55 ක් තහනම්

- Advertisement -
RECENT ARTICLES - SINHALA
AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්
කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...
පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය
පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඔහු මේ බව...
POPULAR ARTICLES
රට පුරා විදුලිය විසන්ධි වෙයි
මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා පවසනවා.
පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...
අර්ජුනගෙන් අලුත් සන්ධානයක්
දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...