25 C
Colombo
Friday, January 17, 2025

දින 10ක් තුළ සහල් වැටලීම් 578ක්

- Advertisement -

පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා මහතා පැවසුවේ ඇතැම් ස්ථාන කිහිපයක වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා වැටලීම් සිදුකළ බවයි.

එමෙන්ම පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් ඌනතා මට්ටමක් පැවැතියද මේ වන විට එම ඌනතාව සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බව නිරීක්ෂණය වී ඇතැයිද ඔහු පවසනවා.

ඔහු පැවසුවේ, සහල් ආනයනය දීර්ඝ කර ඇති බැවින් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සහල් හිඟතාවයකින් තොරව සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ අතර, උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් මේ අනුව තොග සහ සිල්ලර වෙළඳාම් සම්බන්ධවද වැටලීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES