32 C
Colombo
Tuesday, February 18, 2025

වැඩිමිලට හාල් අලෙවි කළ වෙළඳුන්ට මිලියන 6.5ක දඩයක්

- Advertisement -

දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල්  අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පැවසුවේ අද (28) මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය  සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පොල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බවයි.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අධිකාරිය කටයුතු කර තිබෙනවා. 

පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කල වෙළදුන් 170 කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව  රුපියල් 750,000.00  ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර  3ක් සදහා  එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබුණා.

තවද මාතර  දිස්ත්‍රික්කයේ  වෙ‍ෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දිනවල සහ අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාලව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙ‍ෙළඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES