30 C
Colombo
Friday, July 19, 2024

අතුරුගිරිය වෙඩි තැබීමට ටැටූ ශොප් හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

- Advertisement -

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිදු වීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිස අතර අදාළ ටැටූ ශොප් හිමිකරුද වන බව පොලිසිය සඳහන් කරනවා.

 අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරයි.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරනවා.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවා ද තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකුද තුවාල ලැබුවා.


RECENT ARTICLES - SINHALA

කතරගම – මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන්...

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...