24 C
Colombo
Sunday, February 16, 2025

අනාරක්ෂිත හෝටලයකින් වැටී සිසුන් 6ක් රෝහලේ

- Advertisement -

ගිනිගත්හේන නගරයේ ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැළක ආහාර ලබා ගැනීමට ගිය සිසුන් 6 දෙනෙකු එහි තිබූ ලී පොලව කඩා වැටී අනතුරට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ 10 වැනි ශ්‍රේණියේ විදුහලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.

ඔවුන් එම නගරයේ බාහිර පන්තියකකට සහභාගී වීම සඳහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම ආපනශාලාව වෙත පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

ඔවුන් එම හෝටලේ බිම්මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15ක පමණ බෑවුමකට මෙම සිසුන් පිරිස පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් පසු ප්‍රදේශාවාසීන් අදාළ සිසුන් පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට හෝටලය වසා දැමීමට පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධය ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES