24 C
Colombo
Thursday, March 30, 2023

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී හෙටට වසර 6ක්

- Advertisement -

මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධානම චුදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව හෝ එහි නඩු විභාගය සිදුකරගෙන යාමට නීතිපතිවරයා සූදානමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී හෙටට (27) වසර හයකි.

2015 වසරේ පෙබරවාරි 27 වැනි දින, එනම් යහපාලන ආණ්ඩුව බලයට පත්වී මාස දෙකක් ගතවීමටත් පෙර රුපියල් බිලියනයක බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ලංසු කැඳවූ අතර එදින වෙන්දේසියේදී බිලියනයක් වෙනුවට රුපියල් බිලියන 10.058 කම ලංසු භාරගැනීමට බැඳුම්කර ටෙන්ඩර් කමිටුව අනපේක්ෂිත ලෙස තීරණය කර තිබුණි.

භාරගත් ලංසු ප්‍රමාණයෙන් 50% ක්ම හිමිව තිබුණේ එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස්ට අයත් පර්පචුවෙල්ට්‍රෙෂරීස් සමාගමටය.

එළෙස බිලියන 10ක ලංසු භාරගැනීමට සිදූවූයේ අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර ටෙන්ඩර් කමිටු තීරණයට මැදිහත්වී උපදෙස් ලබාදීම නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පසුව අනාවරණය වුණි.

ඔහු වෙන්දේසියට මැදිහත්වීම හරහා රජයට එම වෙන්දේසියේදී පමණක් රුපියල් මිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බවත්, ඔහුගේ අභ්‍යන්තර තොරතුරුවලට අනුව ලංසු තබා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මිලදී ගත් බැඳුම්කර ද්වීතීක වෙළඳපොළේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමෙන් එම සමාගම රුපියල් බිලියන 08කට වැඩි අයථා ලාභයක් ලබාඇති බවත් බැඳුම්කර කොමිසම අනාවරණ කළේය.

ඊට අදාළ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග කිරීමට මේ වනවිට සූදානම් කරඇති අතර විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

“අනිවාර්යයෙන්ම දිනපතා ඒ නඩුව අහලා, කල්දාන්නේ නැතුව ඒකට විසඳුමක් දෙන්න අවශ්‍යයි,” යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙහි පළමු විත්තිකරු වන අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියකු වනඅතර ඔහුට එරෙහිව රතු නිවේදන පවා නිකුත් කර තිබුණත් උදර්පණ නීතිය යටතේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තවමත් හැකි වී නැත.

ඒ අනුව බැඳුම්කර වංචාවේ චුදිතයන්ට එරෙහි නඩු විභාගයත් අගරමග නතර වේ ද?

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසන්නේ, “විශ්වාසයක් තිබුණා ඔහුව ගෙන්නගන්න පුළුවන් වෙයි කියලා. කැඳවගන්නම බැරි වුණොත් ඔහු නැතුව හරි නඩු විභාගය පටන් ගන්න ඕනේ කියලයි කිව්වේ,” යනුවෙනි.

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...