24 C
Colombo
Tuesday, March 21, 2023

පකිස්තානයේ සුළු ජන කොටස්වලට එරෙහි ප්‍රහාර ඉහළ යයි

- Advertisement -

රටවැසියන්ගේ ආරක්ෂාව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වී ඇති බවට පකිස්තාන රජයට චෝදනා එල්ල වෙමින් තිබේ.

ඊට හේතුව වී ඇත්තේ එරට වෙසෙන සුළු ජන කොටස් ඉලක්ක කර එල්ල වෙමින් ඇති ප්‍රහාර වැළැක්වීමට හෝ එවැනි සිද්ධීන් පාලනය කිරීමට පකිස්තාන රජය අපොහොසත් වීමයි.

පකිස්තානයේ අහමදයියා ජන කොට්ඨාශය ඉලක්ක කර එල්ල වන ප්‍රහාර ද මේවනවිට ඉහළ ගොස් ඇති අතර එහි ආසන්නතම සිද්ධිය පන්ජාබ් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එහිදී අහමදයියා ජන කොට්ඨාශයට අයත් 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබුණේ පිහි ඇනුම් ප්‍රහාරයකින්.

මෙම සිදුවීම වාර්තා වුණේ අහමදයියා ජන කොට්ඨාහයට පකිස්තානය තුළ විවිධ බලපෑම් ඇති බවට චෝදනා එල්ල වෙමින් ඇති පසුබිමක් තුළයි.

මෙම සිදුවීමට විරෝධය පළ කරමින් අහමදයියා ජන කොට්ඨාශය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ තමන්ගේ භාෂණයේ නිදහස, ආගම ඇදහීමේ නිදහස හා ජීවත්වීමේ අයිතිය උල්ලංඝණය වී ඇති බවයි.

අදාළ ප්‍රහාරය හෙළා දකින පකිස්තානයේ මානව හිමිකම් කොමිසම රට තුළ වෙසෙන සියලු ජන කොට්ඨාශවල ආරක්ෂාව තහවුරු කිරීමට හා ආගමික මත දැරීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටින බව සදහන් කරයි..

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.