32 C
Colombo
Saturday, April 20, 2024

ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 62ක්..!

- Advertisement -

මාස ගණනකට පසු ඊයේ (18) දින මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 62ක් ලෙස වාර්තා වුණි.

මෙවැනි පසුබිමක යළි කොවිඩ් ව්‍යාප්තියේ අවදානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

එමෙන්ම, ගෝලීය කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම තුළ ශ්‍රී ලංකාවේ ද දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ගත වූ සති දෙක තුළ එම තත්ත්වය පෙන්නුම් කරන බවයි එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ. පවතින තත්ත්වය තුළ කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් කඩිනමින් ඒ සඳහා යොමුවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

“ගෝලීය වශයෙන් රෝගීන් වැඩිවුණ සෑම අවස්ථාවක දීම අපේ රටෙත් රෝගීන් වැඩිවීමක් සිද්ධවෙනවා. මේ වනවිට ලංකාවේත් පසුගිය මාස දෙක තුන තුළ ඉතාමත් අවම රෝගීන් සංඛ්‍යාවක් හා අවම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන තත්ත්වයක් තිබුණේ. දෛනිකව සාමාන්‍යයෙන් රෝගීන් 10 – 15ක් වගේ මට්ටමක අපි මාස දෙකක් පැවතුණා. නමුත් පසුගිය සති දෙක තුළ ලංකාව තුළත් සාපේක්ෂ වැඩිවීමක් නිරීක්ෂණය කරනවා. බොහෝම පැහැදිලිව දෛනිකව රෝගීන් 10ක් -15ක් වගේ සීමාවෙලා තිබුණ රෝගීන් සංඛ්‍යාව දෛනිකව 30ක් – 40ක් අතර ප්‍රමාණයකට පත්වෙලා. පවතින ගෝලීය තත්ත්වය සමග අනිවාර්යයෙන්ම වර්ධනය වීමක් ද අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එන්නත්කරණය නැවත යථාතත්ත්වයට පත්කර ගත්තේ නැත්නම්, ඉදිරියේ දී මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවුණොත් ඉතාමත් අවධානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. මේ වෙලාවේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 20ට වැඩි සෑම කෙනෙක්ම වර්ධක මාත්‍රාවක් ලබාගන්න කියලා නියම කරලා තියෙනවා. මෙතෙක් නොගෙන තිබෙනවා නම් හැකි ඉක්මනින් එම පළමු වර්ධක මාත්‍රාව ලබාගත යුතුයි. ලංකාවේ 20ට වැඩි ජනගහණය මිලියන 14.4ක් නමුත් තවම වර්ධක මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ මිලියන 8ක් පමණයි. තවම පළමු වර්ධක මාත්‍රාවවත් මිලියන 6ක් පමණ ලබාගෙන නෑ.”


RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

ඉන්දියාවේ සහය අරන් මන්නාරම ජාත්‍යන්තර වාණිජ නගරයක් කරනවා – මනූෂ (වීඩියෝ)

ඉන්දියාව සමඟ එක්ව මන්නාරම නැවතත් අන්තර් ජාතික වෙළඳ මධ්‍යස්ථනයක් බවට සංවර්ධනය කිරීම සඳහා රජය කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර...

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...