31 C
Colombo
Wednesday, March 19, 2025

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

- Advertisement -

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක්.

ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවනවා.

ආරංචි මාර්ග පවසන්නේ, ඔවුන් දැනට ආරක්ෂිතව සිටින බවයි.

ඔවුන් තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර ඉදිරි දිනයකදී ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමටද නියමිතයි.

මේ අතර අනෙකුත් සිව්දෙනා මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටන බවත් වාර්තා වනවා.

ඔවුන්ද හැකි ඉක්මනින් බේරාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු ආරංචි මාර්ග පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා තායිලන්න විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම යිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකියින් පිරිස බේරාගැනීමට හැකිවී තිබෙනවා.
 
RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

දේශබන්දු තෙන්නකෝන්ගේ දේපළ රාජසන්තක කිරිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් තිබු බවත් ඒ අතරම දේශබන්දු...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES