ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ලක්දිව ඉංජිනේරු සමාගම විසින් 2024 දෙසැම්බර් මාසයේ සිට බස් රථ 65ක් නිෂ්පාදනය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා පුද්ගලික බස් හිමියන්ගේ අබලන්වන මගී බස් රථ සහනදායී මිලකට උසස් තත්ත්වයෙන් අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරීම ලක්දිව ඉංජිනේරු සමාගම විසින් සිදු කරනවා.
පසුගියදා ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සමාගම පසුගිය රජය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ බවයි.
කෙසේවෙතත්, නව රජය පත්වීමෙන් අනතුරුව මෙම ආයතනයට විශේෂ අවධානයක් යොමු කළ බවත් නව සභාපතිවරයෙකු යටතේ කටතු ආරම්භ කළ බවත් ඔහු කියා සිටියා.
ඒ අනුව, ලක්දිව ඉංජිනේරු සමාගම 2024 දෙසැම්බර් මාසයේදී බස් රථ 03ක්, 2025 දී ජනවාරි මාසයේදී බස් රථ 12ක්, පෙබරවාරි මාසයේ බස් 28ක් සහ මාර්තු මාසයේදී බස් රථ 22ක් එකලස් කළ බව ප්‍රසන්න ගුණසේකර මහතා සඳහන් කළා.
එමෙන්ම මේ වන විට එම ආයතනයේ සේවකයින්ට දීමනා ලබා දිය හැකි අන්දමින් දියුණු තත්වයට පත් කර ඇති බවත් ඉදිරියේදී රජයේ වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මෙහි ආරම්භ කිරීමට අදහස් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.