32 C
Colombo
Saturday, April 20, 2024

මුතුරාජවෙල පර්චස් 65,000ක් පුද්ගලික සමාගමකට

- Advertisement -

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයෙන් පර්චස් හැට පන් දහස් එකසිය දෙකක භූමි ප්‍රමාණයක්, පර්චසය රුපියල් 500 බැගින් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඉහළ අවධානය යොමුවී ඇති බව වාර්තා වනවා.

ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදීගැනීම කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, එම ක්‍රියාදාමය සඳහා උදව් කර ඇතැයි පැවසෙන ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොතිබීම පිළිබඳව කෝපා කමිටුව විමතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මග හැර ඇති අතර ඒ පිළිබඳව කෝප කමිටුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කර ඇති බව කෝපා කමිටු වාර්තාවක සඳහන්වේ.

එමෙන්ම, අදාල පරිසර සංවේදී කලාපයට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස්දී තිබෙනවා.

හෙක්ටයාර් 6232ක භූමි භාගයකින් යුතු මුතුරාජවෙල වගුරු බිමෙහි හෙක්ටයාර් 3068ක් තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.

එසේ තෙත් බිම් ප්‍රදේශයක් ලෙස සඳහන්වී තිබියදී 2016.9.9 නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශයෙන් කොටසක් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සිද්ධියක් සම්බන්ධවද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමිමුව ඇත.

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...