33 C
Colombo
Friday, April 19, 2024

රාජ්‍ය බැංකුවකට මිලියන 68ක් වංචා කරලා

- Advertisement -

ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් විය.

මෙහිදී ණය කරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාත්මක වන බවත් පැමිණ සිටි නිලධාරීහු පවසන ලදි.

විශේෂයෙන්, මීට අදාළ කාර්ය මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්ම කොට ඇති බවත් පරීක්ෂණ අවසන් වී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදි.

එසේම මීට සම්බන්ධ බාහිර පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙක් මියගොස් ඇති බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කරන ලද අතර විශේෂයෙන්ම නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීමෙන් පසු මෙම ණය ලබාගැනීම සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සිදු කොට ඇති බවත් මෙහිදී සඳහන් විය. ඒ අනුව නියමාකාරව මෙම කටයුතු කරගෙන යන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

එසේම මෙම වර්ෂ වලදී නිවාස ණය වැඩි වශයෙන් ලබාදීම පිළිබඳව ද අවධානයට ලක් වූ අතර පැමිණ සිටි කාරක සභා සාමාජික මන්ත්‍රිවරු සඳහන් කළේ කර්මාන්ත වෙනුවෙන් සහ කෘෂිකර්මය වෙනුවෙන් ලබා දෙන ණය ප්‍රමාණය වැඩි කළ යුතු බවයි. විශේෂයෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ අවශ්‍යතාවයද එය විය යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ. මේ පිළිබඳ අවධානය යොමුකොට කුඩා ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විටත් ණය ලබා දෙන බව මෙහිදී පැමිණ සිටි නිලධාරීහු පැවසූහ.

වර්තමානයේ මෙම බැංකුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර විධායක ශ්‍රේණියේ පුරප්පාඩු කිහිපයක් පිරවීමට මේ වන විටත් කටයුතු කොට ඇති බවත් ඇතැම් විධායක ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයින් අයදුම් නොකරන බවත්, ඇතැම් පුද්ගලයින් පත්වීම් ලැබී ටික කලකින් ඉවත්ව යන බවත් මෙහිදී නිලධාරීන් සඳහන් කළේය. එම තනතුරු සඳහා වැටුප් ප්‍රමාණවත් නොවේ නම් අවශ්‍ය සංශෝධන සිදුකර එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙස මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේ ය.

එසේම රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වසර 30 පමණ සිට කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක පැවතීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

තවද ස්වයංක්‍රීය බැංකු පද්ධතියක් පිහිටුවීමේ ක්‍රියාකාරකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...