32 C
Colombo
Friday, March 29, 2024

හෙට පැය 7.30 ක විදුලි කප්පාදුවක්

- Advertisement -

හෙට දිනයේ පැය 7.30 ක දීර්ඝ කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව හෙට (මාර්තු 29), A,B,C,D,E,F,G,H,I,J,K,L ප්‍රදේශවලට පෙරවරු  8.00 සිට පස්වරු 6.00 අතර පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2 විනාඩි  30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම P,Q,R,S,T,U,V,W ප්‍රදේශවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 අතර පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 අතර පැය 2 විනාඩි  30 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඩීසල් අර්බුදය තවදුරටත් පැවතීම හේතුවෙන් ජාතිය විදුලිබල සැපයුමට ඩීසල් බලාගාරවලින් ලැබෙන දායකත්වය දිගින් දිගටම පහත බැස තිබෙනවා.

කෙසේවෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය වසරටත් වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ වන විටත් ආනයන කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...