32 C
Colombo
Monday, January 20, 2025

ක්ලබ් වසන්තගේ ඝාතනයට ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු 7ක් අත්අඩංගුවට

- Advertisement -

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන්.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් වරින් වර ලැබී ඇති බවයි.

ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර, කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES