මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළා.
මහියංගනය පෙරහරට සහභාගී වීමට රැගෙන ආ මෙම ඇතින්නිය මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයේ ස්ථානයක බැඳ සිටියදී වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු විසින් ඊයේ (30) වෙඩි තබා තිබුණා.
මේ වන විට ඇවිදීමට නොහැකි තත්වයක පසුවන ඇතින්න ඒ ආසන්නයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.