32 C
Colombo
Saturday, April 20, 2024

සියලු භාණ්ඩවල සටහන් කළ යුතු තොරතුරු 7ක්..!

- Advertisement -

සියලු වෙළඳ භාණ්ඩවල ඇසුරුමේ උපරිම සිල්ලර මිල ඇතුළු සටහන් කළ යුතු තොරතුරු 07 ක් පිළිබඳව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව, සියලු වෙළඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල, බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා නැවත ඇසුරුම් කරන්නේ නම් ඇසුරුම් කළ දිනය, කල් ඉකුත්වන දිනය, කාණ්ඩ අංකය, නිෂ්පාදකයාගේ නම ලිපිනය හා දුරකතන අංකය, ආනයනය කරන්නක් නම් ආනයනික රට හා ආනයනය කරන්නාගේ නම ලිපිනය දුරකතන අංකය යන කරුණු අනිවාර්යයෙන් සටහන් කළ යුතු වනවා.

මෙම කරුණු සටහන් කිරීමකින් තොරව එම වෙළඳ භාණ්ඩ කිසිවක් සෑදිම, ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇසුරුම් කිරීම, නැවත ඇසුරුම් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනය මඟින් දැනුම් දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...