26.7 C
Colombo
Monday, June 16, 2025

මෙවර ICC hall of fame ලැයිස්තුවට 7 දෙනෙක්

- Advertisement -

ක්‍රිකට් ලොව විශිෂ්ඨයන්ගේ ලැයිස්තුව ලෙස සැලකෙන ICC hall of fame ලැයිස්තුවට තවත් ක්‍රීඩකයන් 07 දෙනෙකු ඇතුලත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා. 

ඒ අනුව 2011 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ග්‍රෑම් ස්මිත්, එම කණ්ඩායමේ ම ආරම්භක පිතිකරුවෙකු වූ හෂීම් අම්ලා, නවසීලන්ත කණ්ඩායමෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ ඩැනියල් විටෝරි සහ ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන මැතිව් හේඩ්න් නම් කර තිබෙනවා. 

මීට අමතරව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලෙස පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව ක්‍රීඩික සානා මීර් සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකාරිනියක මෙන්ම කඩුලු රකින්නියක වූ සාරා ටේලර් ද ICC hall of fame ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙම ICC hall of fame 2025 ලැයිස්තුව ඊයේ ලන්ඩන් නුවර ඇබේ රෝඩ් ස්ටූඩියෝහි පැවති උත්සවයක දී ප්‍රසිද්ධ කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ඒ අනුව, වැඩි ඡන්ද 07 කින් තේරී පත්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

POPULAR ARTICLES