24 C
Colombo
Sunday, October 1, 2023

රීයූනියන් දූපත් වෙත ගිය ශ්‍රී ලාංකිකයින් 7ක් පිටුවහල් කරලා

- Advertisement -

ප්‍රංශයේ සරණාගත පුරවැසිභාවය ලබා ගැනීම සදහා , ප්‍රංශයට අයත් ” රීයුනියන් ” ( Reunion ) දූපත වෙත නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

මොවුන් මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් 06 දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් වන අතර එක් පුද්ගලයකු සිංහල ජාතිකයෙක් වන අතර ඊයේ(18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් එවා තිබුණා.

මොවුන් අතරින් 04 දෙනෙක් එක් අයෙකු රුපියල් ලක්ෂ 03 බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී , ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් රීයුනියන් දූපත වෙත ගොස් තිබෙනවා.

ඉතිරි තිදෙනා රුපියල් ලක්ෂ 04 ක් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 1,500 ක් සහ ඇමෙරිකානු ඩොලර් 2,000 ක් බැගින් ජාවාරම්කරුවන් වෙත ලබා දී කටුනායක සිට ගුවන් මගින් ඉන්දුනීසියාව වෙත ගොස් එතැන් සිට බෝට්ටු මගින් සාගරය තරණය කර රීයුනියන් දූපත වෙත ගොස් තිබෙන බව සදහන් .

රීයුනියන් දූපත අප්‍රිකානු මහාද්වීපයට සමීප මැඩගස්කර් දූපත ආසන්නයේ පිහිටි ප්‍රංශය විසින් පාලනය කරනු ලබන දූපතක් වන අතර එම දූපත වෙත ගොස් රැදී සිටින පුද්ගලයන්ට සරණාගතයන් සේ සළකා පසුව ඔවුන්ට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දීම සිදු කළහොත්, එසේ පුරවැසිභාවය ලබා ගැනීම මොවුන්ගේ අරමුණ වී තිබෙනවා .

මෙම ශ්‍රී ලාංකිකයන් 07 දෙනා රීයුනියන් දූපතේ සිට එයා ෂීෂෙල්ස් ගුවන් සේවයේ එච්.එම්.- 9804 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

එහිදී මෙම පිරිස ආගමන විගමන නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්‍රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

හිමිනමක් ඝාතනය කරලා

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ 64 හැවිරිදි බැවිලිගමුවේ සුජාත හිමි 29 වනදා රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා. සුජාත හිමියන්ට අයත්...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...