2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20වන දිනට පෙර දිවයිනේ සියලුම පාසල් දරුවන්ට හිමිවන නිල ඇඳුම් බෙදාහැරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් චීන තානාපතිතුමන් සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස අවශ්‍ය නිල ඇඳුම් සහ සිවුරු ලබා දෙන බවයි.
ඒ අනුව, මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවීම මඟින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක්.
නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිතව ඇති අතර, එහි පලමු තොගය නොවැම්බර් මස 13වන දිනද, දෙවන් තොගය නොවැම්බර් මස 21වන දිනද, දෙසැම්බර් මස 20වන දින එහි තෙවන තොගයද ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වන විටත් චීන රජය විසින් තහවුරු කර තිබෙනවා.
මෙම ප්‍රදානය ලබා දීම පිළිබඳව චීන රජයටත් චීන තානාපතිතුමන්ටත් සිය ස්තූතිය පුද කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.