29 C
Colombo
Friday, June 2, 2023

කොවිඩ් එන්නත් 70,000ක් අතුරුදහන්..!

- Advertisement -

කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකොළහකට එන්නත්කරණය සඳහා ලබා දුන් එන්නත් හැත්තෑදහසක තොරතුරු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බලකායේදී අනාවරණය වී තිබේ.

පළමු මාත්‍රාව ලබා දීම සඳහා ලබා දී ඇති මෙම එන්නත් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.

මෙරටට ගෙන්වා ඇති එන්නත් සහ දැනට සිදු කර ඇති එන්නත්කරණය පිළිබඳව දත්ත පරිගණක ගත කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වන විට සිදු කරයි. දත්ත පරිගණක ගත කිරීමේදී ද මෙම එන්නත් පිළිබඳ තොරතුරු නොලැබුණ බව මෙහි දී හෙළි වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. කෙසේ වෙතත් මෙම එන්නත් කඩිනමින් ජනතාවට ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් නිසි පරිදි එන්නත්කරණයට අදාළ තොරතුරු ලබා නොදෙන බව රැස්වීමට එක්ව සිටි මැති ඇමැතිවරුන්ද පෙන්වා දුන්හ. එය තොරතුරු සැඟවීමක් බව ඔවුහු කියා සිටියහ. ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන ඇමැතිවරු හා මදුර විතානගේ මන්ත්‍රීවරයාද ඊට එක්ව සිටියහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියේ උතුරු – නැගෙනහිර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් නිවැරැදි තොරතුරු ලබා දුන් බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් නිසි පරිදි තොරතුරු ලබා නොදෙන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මිරිහාන පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

කෙසේ වෙතත් ලබන ජුලි මාසයේ දී එන්නත් මිලියන 6.5ක් අගෝස්තු මාසයේ දී එන්නත් මිලියන පහක්ද, සැප්තැම්බර් මාසයේ දී එන්නත් මිලියන තුනක්ද චීනයෙන් ලැබීමට නියමිත බව මෙහි දී අනාවරණය විය. ඊට අමතරව ස්පුට්නික් V එන්නත් සහ ෆයිසර් එන්නත්ද ඉදිරි මාසවලදී ලංකාවට ලැබීමට නියමිතය. ඔක්තෝබර් මාසය අවසන් වන විට සැලසුම් කළ එන්නත්කරණය අවසන් කළ හැකි බව ජනාධිපතිවරයා මෙහි දී විශ්වාසය පළ කරන ලදි.

(අරුණ පුවත්පත )

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...