එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඬනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරය පැවැත්වෙන බව වාර්තා වෙනවා.
සැප්තැම්බර් 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම ඒ සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍ය අතර සංවාදය සඳහාද එක්වීමට නියමිත බවයි.