32 C
Colombo
Saturday, April 20, 2024

කුසල් මෙන්ඩිස්ගෙන් ලකුණු 79 ක්

- Advertisement -

නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන 20/20 ලෝක කුසලාන පළමුවටයේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු පහරදීමට තීරණය කරනු ලැබූවා.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම සඳහා 6 පහර 5ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුණා.

චරිත් අසලංක පන්දු 30කට මුහුණ දෙමින් ලකුණු 31ක් රැස්කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 19ක් රැස්කළා.

ඒ අනුව, තරඟය ජයගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 163ක්.

RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...