අස්සාවේල්ල – කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් 8දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පින්දෙනිය පොලීසිය පවසනවා.
පොලිසිය පවසන්නේ, රත්නපුර සිට රඹුක්කන බලා ධාවන වන බස් රථයක් මෙලෙස අනතුරට පත්වු අතර මෙම ස්ථානයේ මාර්ගය වංගු සහිත තැනක්ව තිබ්යදී රියදුරු නොසැලකිලිමත් රිය පැදවීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.
මෙම අනතුරින් බස් රථයේ රියදුරු ළමයින් තිදෙනකු සමග පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා.