29 C
Colombo
Friday, March 29, 2024

පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9ක්

- Advertisement -

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සියලු පළාත්වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීම ඔවුන්ගේ කාර්යභාර්යයි.

මේ වන විට දිවයින පුරා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 105ක් ස්ථාපිත කර ඇති අතර එම මධ්‍යස්ථානවල ගිලන් ඇඳන් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊට අමතරව යුද හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ඇඳන් 1,500ක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ බූස්ස ප්‍රදේශයේ එවැනිම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේවන විටත් සූදානම් කරමින් පවතින බව යුද හමුදාව නිවේදනය කරනවා.

එමෙන්ම දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේවන විටත් තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නව විදුලිබල පනත ළඟදීම

නව විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඉදිරි සති දෙක තුළ ගැසට් කර අප්‍රේල් අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා...

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...