24 C
Colombo
Sunday, February 16, 2025

අනුරාධපුරේ මහ වැව් 9ක් වාන් දමයි

- Advertisement -

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ඩි සිල්වා මහතා පවසනවා.

අධික වැස්ස හේතුවෙන් මෙම ප්‍රධාන ජලාශවලට ලැබෙන ජලය ඉවත් කිරිමේ අරමුණින් වාන් දොරටු විවෘත කොට ඇති බවත් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව නාච්චාදූව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, දොරටු දෙකක් අඩි දෙක බැගින් ද , දොරටු තුනක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින් විවෘත කර තිබෙන අතර මහවලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා අඩි දෙක බැගින් විවෘත කර තිබෙන බවයි පැවසෙන්නේ.

අභය වැව , තුරුවිල ජලාශය හා තිසා වැව ද අඟල් දෙක බැගින් වාන් දමමින් පවතින අතරම නුවර වැව අඩි එකකින් වාන් දමමින් පවතී.

කලා වැවේ ද අඩි එක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES