මේ වන විට දිස්ත්‍රික්ක 4 ක එන්නත්කරණය 90%ක් අවසන් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරනවා.
එලෙස එන්නත්කරණය 90%කින් අවසන් කර ඇත්තේ කොළඹ, ගම්පහ, මාතලේ හා මන්නාරම යන දිස්ත්‍රික්කයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 96.8% ක් ගම්පහ දිස්ත්‍රික්කයේ 95.6% ක් මාතලේ දිස්ත්‍රික්කයේ 93.7% ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ 90.5% ක් ලෙස කොවිඩ් 19 වැක්සීනය ලබාදී අවසන් කර තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරන්නේ මෙවැනි ඉලක්කයක් ජයග්‍රහණය කිරීමට හැකිවූයේ රාජ්‍ය යාන්ත්‍රණයට ඇති හැකියාව මෙන්ම ලාංකීය ප්‍රජාව එන්නත්කරණය සඳහා දැක්වූ අතිමහත් උද්යෝගය බවයි.