26 C
Colombo
Thursday, March 23, 2023

දියවන්නාවේ ගිලි මිය ගිය පුද්ගලයාට කොවිඩ් යැයි පවසමින් දේහය නොදෙන බව ඥාතීන් කියයි

- Advertisement -

නොවැම්බර් 12 වන දින දියවන්නා ඔයේ මාළු අල්ලමින් සිටිය දී දියේ ගිලී මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් රාජගිරිය, බුත්ගම මංසන්ධිය අසළ විරෝධතාවයක් පැවැත්විය.

නොවැම්බර් 13 වන දින සවස් වරුවේ මෙම විරෝධතාව පවත්වා තිබුණු අතර එයට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එකව සිටියේය.

විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් පවසා සිටියේ, මාළු ඇල්ලීමට දියවන්නා ඔයට තවත් පුද්ගලයෙකු සමඟ ගිය මිය ගිය පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බව පවසමින් මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත ලබා නොදෙන බවය.

රාජගිරිය, වැලිකඩ, බුත්ගමුව, ඇළ ඉවුර පාරේ 111/9/බී අංක දරන නිවසේ පදිංචිව සිටි අවුරුදු 26 ක් වයසැති රාජේන්ද්‍රන් රවීන්ද්‍රන් මෙසේ මියගොස් තිබේ. අවුරුදු පහක් වයසැති පිරිමි දරුවකු සහ මාසයක් වයසැති ගැහැණු දරුවකු ඔහුට ඇත.

මියගිය පුද්ගලයා තවත් අයෙක් පසුගිය බ්‍රහස්පතින්දා දියවන්නා ඔයේ බුත්ගමුව ඔයේ මාළු ඇල්ලීම සඳහා බෝට්ටුවකින් ගොස් සිටිය දී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂාවට සිටින ආරක්ෂකයින් බෝට්ටුවකින් පැමිණ අදාල පුද්ගලයන් ගමන් කළ ඔරුව පෙරලා දැමු බවත් එක් පුද්ගලයෙකු දියවන්නාවට පැන පීනා ගොස් තම ජීවිතය බේරා ගත් නමුත් අනෙක් පුද්ගලයා මිය ගොස් ඇති බව ඥාතීන් පැවසීය.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...