25 C
Colombo
Thursday, March 23, 2023

බස් රථයක් සොරාගෙන පෙම්වතිය බලන්න ගිය අවුරුදු 15 දරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

පිළියන්දල බස් නැවතුම්පොළේ නවතා තිබූ බස් රථයක් සොරාගෙන තම පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි වියේ පසුවන මත්තෙගොඩ සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ පැවති ආසියානු කුසලාන අවසන් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක රියදුරන් පිරිසක් පිළියන්දල බස් නැවතුම්පොළ වෙත සිය බස් රථවලින්ම පැමිණ තිබුණා.

එහිදී ඔවුන් පැමිණි බස් රථ බස් නැවතුම්පොළේ පසෙක ගාල් කර ශ්‍රී ලංකා ඉනිම නරඹා ආහාර ගැනීම සඳහා වෙනත් ස්ථානයක් වෙත ගොස් තිබෙනවා.

අනතුරුව සුළු වේලාවකින් පසුව ඔවුන් නැවත බස් රථ ගාල් කර තිබූ ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ එක් බස් රථයක් එහි නොමැති බව දැක තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව බස් රථ රියදුරන් විසින් වහාම මේ පිළිබඳව පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ බවයි පැවසෙන්නේ.

එහිදී පොලීසිය වහාම ක්‍රියාත්මක වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ වනවිටත් බොහෝ වෙළෙඳසැල් වසා දමා තිබී ඇති බැවින් CCTV දර්ශන පරීක්ෂා කිරීමට නොහැකිව තිබෙනවා.

ඒ අනුව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීමට අනුව හදිසි මාර්ග බාධක කිහිපයක් යෙදවීමට පියවර ගෙන තිබුණා.

පසුව අද (12) අලුයම 12.30ට පමණ කැස්බෑව පිළියන්දල අතුරු මාර්ගයේ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ට බස් රථයක් පිළිබඳව සැක සිතී එය නවත්වන ලෙසට අණකර එය පරික්ෂා කිරීමේදී මෙය පැහැරගෙන ගොස් ඇති බස් රථය බවට පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.

කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් බස් රථය නවතා ඉන් පැන දිව යාමට උත්සාහ කළ බාලවයස්කාර සැකකරු ලුහුබැඳගොස් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වළදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය පෙම්වතිය බැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස පොලීසියට හසුවූ බවයි.

මොරගහහේන ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය ඊයේ රාත්‍රී 8ට පමණ දුරකථන ඇමතුමක් ලබාදී ඇයව මුණගැසීමට පැමිණෙන ලෙසට තමන්ට කියූ බව එහිදී ඔහු පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය මුණගැසීමට බස් රථයකින් ගමන් කිරීමට බස් නැවතුම්පොළට පැමිණියද ඒ මොහොතේ බස් රථ නොතිබූ නිසා බස් රථ කිහිපයකට නැග පරීක්ෂා කර බැලූ බව අදාළ බාලවයස්කාර සැකකරු පැවසූ බව පොලීසිය සදහන් කරනවා.

එම අවස්ථාවේදී එක් බස් රථයක යතුරක් තිබූ බවත් තමන් විසින් එය පණගන්වා මොරගහහේන ප්‍රදේශයේ සිටින පෙම්වතිය මුණගැසීමට ගිය බවද ඔහු පවසා තිබෙනවා.

වැඩිදුර විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට පෙර අවස්ථාවකදීද පෙම්වතිය බැලීම සඳහා මේ අයුරින්ම බස් රථයක් පැහැරගෙන ගොස් ඇති බවයි.

එහිදී සැකකරු හෝමාගම ප්‍රදේශයේදී බස් රථයක් පැහැරගෙන මේ ආකාරයෙන්ම සිය පෙම්වතිය බැලීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර අදාළ බාලවයස්කාර සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...