28 C
Colombo
Saturday, April 19, 2025

පහරදීමකින් පාසල් සිසුවෙක් මරුට

- Advertisement -

මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළා.

ඝාතනයට අදාලව මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මක වනවා.

මේ අතර, ඇහැළියගොඩ පොලිස් වසමේ, රංගේගම ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට කඩුවකින් සහ හෙල්ලකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබෙනවා.

පසුව තුවාලකරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (01) අලුයම් කාලයේ දී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් වූ තැළුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා සැකකරුවන් අතර පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වුණා.

ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරුවෙක් ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන කඩුවක් සහ උල්ආයුධයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, තවත් සැකකරුවෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...