හෙට සහ අනිද්දා (27, 28) දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.
CC යන කලාපවලට උදෑසන 6 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා.
M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 530 සිට 830 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.