29 C
Colombo
Thursday, April 18, 2024

ආර්ථික අර්බුදය මැද කිලෝමීටර් 300 ක ඇවිදින මංතීරුවක්

- Advertisement -

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ආකාරයේ කිලෝමීටර් 300 කින් යුත් විශේෂ ඇවිදින මං තීරුවක් ගලහා සිට නුවරඑළිය දක්වා ඉදිකිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා.

පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් ඊයේ (12) එම උද්‍යාන ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු සදහන් කළේ මේවන විටත් එහි සැලසුම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ගලහා ප්‍රදේශයෙන් ආරම්භ වන මෙම ඇවිදින මංතීරුව තලවාකැලේ, හපුතලේ, ලිඳුල, බණ්ඩාරවෙල, දෙමෝදර දක්වා ඉදිකිරීමට බලාපොරොත්තු වන බව චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළා.

කිලෝමීටර් 300ක් පුරා දිවෙන මෙම ආකර්ෂණීය ඇවිදින මංතීරුවේ ඇවිදින සංචාරකයන් හට ලොව කිසිම රටක දැකිය නොහැකි ආකාරයේ ආකර්ෂණීය දර්ශන තල දැක පුදුමයට පත්විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම මංතීරුව ඔස්සේ දිනකට සංචාරකයකුට ගමන් කළ හැකි වන්නේ කිලෝමීටර් 13 ක් වැනි ප්‍රමාණයක් බවත් එම ගමනාන්තයේ දී තේ වත්තක් මැද පිහිටිතේ වතු අධිකාරිවරයකු ගේ නිවසක නවාතැන් පහසුකම්සැපයීමට බලාපොරොත්තු වන බවත් චූලානන්ද පෙරේරා මහතා පවසනවා.

එහිදී එම සංචාරකයන්ට එම ප්‍රදේශයේ පවතින සංස්කෘතිය ආහාර පාන ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...