30 C
Colombo
Monday, March 20, 2023

චීනයෙන් ඩොලර් බිලියන 4ක මූල්‍ය සහනයක්?

- Advertisement -

අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ සමස්ථ ආධාරයක් සඳහා ශ්‍රී ලංකාව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව කඩිනමින් චීනය ඒ සඳහා එකඟවෙනු ඇතැයි විශ්වාස කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසා ඇතැයි ද එම වාර්තා සඳහන් කරනවා.

ඒ යටතේ චීනයෙන් සිදුකරන ආනයන සඳහා ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය පහසුකමක් සක්‍රීය කර ගැනීමට ද ශ්‍රී ලංකාව චීනය සමග සාකච්ඡා සිදුකරමින් ඇති අතර මීට පෙර චීනය ලබාදී තිබෙන, ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සංචිතය ද ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා සක්‍රීය කරගැනීමද ඒ යටතට අයත්.

ඒ සඳහා ද චීනය කඩිනමින් එකඟතාවය පළකරනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වනවා.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.