24 C
Colombo
Saturday, May 24, 2025

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

- Advertisement -

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.

බිළිඳාගේ දෙමාපියන් චෝදනා කරනුයේ රෝහල් කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් අයුරින් ලබා දුන් මව් කිරි හේතුවෙන් බිළිඳා මිය ගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ යුගාන් උදයංග නමැති දින දොළහක් වයසති බිළිදෙක්.

පසුගිය 27 දා කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබූ පිරිමි බිළිදෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා එදිනම හෝමාගම මූලික රෝහලට මාරු කර තිබුණා.

ඒ බිළිඳාගේ උපත අඩුබර උපතක් හේතුවෙන්.  

පසුව එහි දින දොළහක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා අලුයම දරුවාට කිරි දීම සඳහා මව බිළිඳා ළඟට ගිය අවස්ථාවේදී බිළිදා කිරි වමනය කොට ඇග සීතලව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව දැනුවත් කිරීමට වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය සොයා තිබෙනවා.

එහෙත් කිසිවකුත් සොයාගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව තවදුරටත් සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිදා සිටින අයුරු දැක ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

පසුව බිලිඳා වෛද්‍යවරයාට යොමු කිරීමේදී පවසා ඇත්තේ කිරි පෙනහළුවලට ගොස් සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.  

ඒ අනුව, ඊයේ (09) දින බිලිඳාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව් කිරි බිළිදාගේ පෙනහළුවල සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවයි.

දෙමාපියන් මෙහෙිදී චෝදනා කරමින් පැවසුවේ මෙවැනි සිදුවීමක් තවදුරටත් සිදු නොවීමට බලධාරීන් වගකිය යුතු බවත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව බිළිඳාගේ මා පියන් හෝමාගම මූලස්ථාන පොලීසියටද පැමිණිලි කර තිබෙනවා.

මේ සම්බන්ධව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ සිද්ධිය සම්බන්ධව තමන් වෙත පැමිණිල්ලක් ලද බවත් මේ සම්බන්ධව අපක්ෂපාතීව පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES