30 C
Colombo
Thursday, January 16, 2025

IMF වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවකට පේරාදෙණියෙන් තහනමක්

- Advertisement -

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අවලංගු කිරීම IYSSE-Sri Lanka විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (PSSA) විසින් අනුග්‍රහය දක්වන ලද දේශනය දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්නගේ පූර්ව අනුමැතිය යටතේ පසුගියදා (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, PSSA හි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික, දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සුමුදු වලාකුලුගේ, දේශනය අවලංගු කිරීමට සිදුවීම ගැන කනගාටුව පල කරමින් කියා සිටියේ,

“රැස්වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බවක් නොපෙන්වන ලෙසට දේශනයේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කරන ලෙසට වැඩබලන උපකුලපතිතුමාගෙන්, ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති සහ දේශපාලන විද්‍යා අංශාධිපති හරහා මට පණිවිඩයක් ලැබී තිබෙනවා. එසේ නොවුවහොත් රැස්වීම වහාම අත්හිටුවනවා.”

RECENT ARTICLES - SINHALA

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර...

POPULAR ARTICLES

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...

පොඩි ලැසී අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින් වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි හිදී යි. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව...