ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, අවුරුදු 12ට අඩු ළමුන්, ගැමිණි මව්වවරුන්, කිරිදෙන මව්වවරුන් පෙනීසිටින දැන්වීම් පළකිරීමට 2025 ජනවාරි 01 වැනිදා සිට තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී පවසා සිටියා.
පුද්ගලයෙක් වසරකට සහල් කිලෝ 150කට වැඩියෙන් ආහාරයට ගන්නා බවත් , සතියට කිලෝග්‍රෑම් 2.8ක් අනුභව කරන බවත් එයත් සමඟ ලබා ගන්නා අර්තාපල් ,ඉරිඟු වැනි ආහාර නිසා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වෙන බව ඔහු පෙන්වා දුන්නා.
ලබා ගන්නා ආහාර විවිධාංගීකරණය විය යුතු බවත් ජාතියක් ලෙස අප ගන්නා බත් ප්‍රමාණය වැඩි අතර මෙය වෙනස් කිරීමට, ගන්නා ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මස් මාංශ පිණිස වෙන් කිරීම උචිත බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා වැඩිදුරටත් පවසා සිටියා.