26.7 C
Colombo
Monday, June 16, 2025

කමල් හසන්ගේ චිත්‍රපටවලට කර්ණාටකයේ තහනමක් ?

- Advertisement -

දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් මෑතකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු රඟපෑ චිත්‍රපට කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එහි රජයට මේ වනවිට බලපෑම් එල්ලවී තිබෙනවා.

“දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල් හසන් පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ඔහු රංගනයෙන් දායකවන මෙන්ම ඔහු නිෂ්පාදනය කරනු ලැබූ නවතම චිත්‍රපය වන ‘Thug Life’ සිනමා පටය වෙනුවෙන් ඉකුත් මැයි 24වනදා චෙන්නායිහි පැවති ප්‍රචාරක වැඩසටහනකදී ඔහු මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදුකර තිබෙනවා.

මෙම ප්‍රකාශයට ප්‍රකෝප වූ කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක් බැංගලෝර්, බෙලගාවි, හුබ්බාලි සහ මයිසූර් වැනි නගරවල වීථිබැස කමල් හසන්ට සමාව ඉල්ලන ලෙස ඉල්ලා සිටිනවා.

කමල් හසන් එම ප්‍රකාශයට සමාව නොගන්නේ නම්, ඔහුගේ චිත්‍රපට කර්ණාටකයේ තහනම් කරන්න යැයි එහි ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන ශිවරාජ් තංගඩගි ද කණ්නඩ චිත්‍රපට ආයතනයට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලය විසින් කමල් හසන්ට ඔහුගේ චිත්‍රපටය වන ‘Thug Life’ ප්‍රාන්තයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකිරීමට පෙර කණ්නඩ භාෂාව පිළිබඳ ඔහුගේ අදහස් හා සමාව ගැනීමට දින දෙකක කාලයක් ලබා දී තිබෙනවා.

මෙම නවතම චිත්‍රපටය එළැඹෙන ජුනි 5වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ නමුත් කමල් හසන් තවමත් ඔහු කළ ප්‍රකාශය නිවැරදි යැයි මතයේ සිටින බවත්, ඔහු සමාව නොගන්නා බව ප්‍රකාශකර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ඒ අනුව, වැඩි ඡන්ද 07 කින් තේරී පත්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

POPULAR ARTICLES