31 C
Colombo
Wednesday, February 12, 2025

පේරේ කැම්පස් එකේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්

- Advertisement -

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ ගැටමකින් සිසුන් දෙදෙනකු තුවාලැබීම මෙම තීරණයට හේතුව බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසනවා.

එම සිසුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

එවැනි වාතාවරණයක් තුළ ඉකුත් 15 වැනි දින රාත්‍රී කාලයේදී නැවතත් සිසුන් එක්රැස්වී ගැටුමකට සූදානම් වන බවට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට වාර්තා වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තිරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිසත් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩවීම වැළැක්වීමටත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය කල්යාම වැළැක්වීමටත් ගැටුම ව්‍යාප්ත වීම අවම කිරීමටත් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙන් උපකුලපතිවරයාට පැවරී ඇති බලතල අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඉහත නියෝගය නිකුත් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES