වතුකම්කරුවන් හට අද (10) සිට රුපියල් 1350ක මූලික වැටුප ලබාදීමට වතු සමාගම් එකඟ වී ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසනවා.
ඒ අනුව, රුපියල් 1700 දක්වා ඉහළ දැමුණු වතුකම්කරුවන්ගේ වැටුපෙන් මූලික වැටුප ලෙස රුපියල් 1350ක් අද සිට ඔවුන්ට ගෙවීමට නියමිතයි.
ඉතිරි රුපියල් 350ක මුදල සාකච්ඡා මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව සෙන්දිල් තොණ්ඩමාන් මහතා කියා සිටියා.