24 C
Colombo
Saturday, May 24, 2025

ගුවන් ආසන වෙන් කරන්න ලංසු ක්‍රමයක්

- Advertisement -

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය උපයෝගි කරගනු ලබනවා

ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට් පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව සඳහා ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම සේවය ඔස්සේ සිදුවනවා.

මෙම සේවාව පවත්වා ගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 2ක් ලැබී ඇතැයි රජය පවසනවා.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා ‌කොන්ත්‍රාත්තුව Plusgrade Inc වෙත වසර 5ක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES