පාර්ලිමේන්තුව අසළ පිහිටි දියවන්නා ඔයේ විශාල කිඹුලෙක් ගොඩබිමකට පැමිණ සිටි අයුරු අද (10) පස්වරුවේ දක්නට ලැබුණා.
අඩි 15ට වැඩි දිගකින් යුත් මෙම ඉතා විශාල කිඹුලා ඒ අසළ ඇති ඇවිදින මංතීරුව ආසන්නයේම පිහිටි ගොඩබිම් තීරුවක නිදා සිටින ආකාරය අප වාර්තාකරුවන් දැක තිබුණා.
මෙම කිඹුලා දැකබලා ගැනීමට විශාල ජනතාවක් පැමිණ සිටියා.