31 C
Colombo
Wednesday, March 19, 2025

කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්

- Advertisement -

මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 4,959.45ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළා.

ප්‍රධාන වශයෙන් සෙලින්කෝ හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල දිනය තුළ 5.98% කින් පහළ යාම මෙන්ම LOLC හෝල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් DFCC බැංකුව සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැඩීමට වැඩි වශයෙන් හේතු වී තිබුණා.

පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සමාගම් 148ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණයි.

අද දින රු. බිලියන 2.07ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.99ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.96ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් අද දින රු. මිලියන 74 ක් තරම් ඉතා පහළ අගයයක් වුණා.

අද දින විදේශීය විකිණුම් වාර්තා වූයේ රු. මිලියන 109ක් වශයෙන්.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES