24 C
Colombo
Thursday, February 13, 2025

යතුරුපැදි කොටස් කර විකිණීමේ ජාවාරමක්

- Advertisement -

යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාල ස්ථානය ගෘහ භාණ්ඩ සැකසිමේ ස්ථානයක් ලෙසද පවත්වාගෙන යමින් එහි එක් කොටසක මෙලෙස සොරා ගන්නා ලද යතුරු පැදි ගලවා කොටස් කිරීම සිදුව ඇති බව පොලිස් පරික්ෂණවලදි හෙළිව තිබෙනවා.

පුත්තලම මන්නාරම් මාර්ගයේ 4 කනුව ප්‍රදේශයෙ තරුණයකුගේ ලක්ෂ හතරක් පමන වටිනා පල්සර් වර්ගයෙ යතුරු පැදියක් පහුගිය 11 දින රාත්‍රියේ සොරා ගෙන තිබු බවත්, ඒ සම්බන්ධව ආරක්ෂක කැමරා දර්ශන මගීන් සොරා ගත් සැකකරු හදුනා ගෙන ඔහු අල්ලා ගැනිමේන් පසු අදාල සැකකරු යතුරු පැදිය ලබාදුන් ස්ථානය තරුණයාගේ පිරිසක් එක්වි වටලා එහි තිබු යතුරු පැදිය හදුනාගෙන තිබු බව වාර්තා වනවා.

අදාල ස්ථානයට පුත්තලම පොලිසියෙ නිලධාරීන් සමග ඇතුළු වි එය පරික්ෂා කිරීමේදි එහි 4 කණුව තරුණයාගේ යතුරු පැදිය ඒ වන විටත් කොටස් කර තිබු බව සදහන් වනවා.

ඒ සමගම තවත් යතුරු පැදි 10කට ආසන්න සංඛ්‍යාවක් ගලවා කොටස් කර තිබු බවත්, එම ඇතැම් යතුරු පැදි වල අංක තහඩු පවා එම ස්ථාන වල තිබු බවත්, එම යතුරු පැදි සොරා ගත් ඒවාද නැතිනම් කුමන හේතුන් මත මෙම ස්ථානයෙ කොටස් කර තිබේද යන්න පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් නිලධාරීන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES