26.7 C
Colombo
Saturday, June 14, 2025

මව් කිරි ප්‍රවර්ධනයට පනතක්

- Advertisement -

මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මව්කිරි දීමේ දර්ශක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තලයක පවතින අතර World Breastfeeding Trends initiative (WBTi) විසින් ‘Green Status’ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. 

වාණිජමය පරමාර්ථ මුල් කර ගෙන කිරි පිටි කර්මාන්තය මඟින් දරුවන් වෙත එල්ල වන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම් වලින් දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂා කිරීමත්, විද්‍යාත්මකව තහවුරුව ඇති ප්‍රධානතම මැදිහත් වීමක් ලෙස සලකා මව් කිරි දීම ආරක්ෂා කිරීමත්, මව්කිරි දීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමුඛයා ලෙස මෙරටට ඇති පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමත් අරමුණු කරගෙන මව් කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මඟින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස 2018-10-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

ඖෂධ හිඟය ගැන පැහැදිලි කිරීමක්

ඇතැම් පුද්ගලයින් බෙහෙත් සම්බන්ධ සංවේදී කාරණා යොදාගනිමින් සමාජ අවධානය ලබා ගැනීමට උත්සාහ දරන බවත් එලෙස ජනතාව බිය වැද්දීම නොකළ යුතු බවත්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

POPULAR ARTICLES