25 C
Colombo
Friday, January 17, 2025

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණයි.

එක් අවස්ථාවක ලකුණු 23 ක් ඇතුළත මුල් පෙළේ කඩුළු 4 ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහිදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට සමත්වුණා.

මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්වුණා.

සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීම විශේෂත්වයක්.

අද දින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමටද සමත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩාම පන්දුවාර 26යි එක් පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES