24 C
Colombo
Wednesday, January 22, 2025

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

- Advertisement -

මියන්මාර ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (19) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබෙනවා.

මුලතිව්, නාවික හමුදාව හා පොලීසිය පවසන්නේ මෙම යාත්‍රාවේ 100කට අධික පිරිසක් රැදී සිට ඇති බවයි.

මෙම පිරිස අතර දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වී තිබෙනවා.

ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව තවදුරටත් වාර්තා වෙනවා.

පොලිසිය හා නාවික හමුදාව පවසන්නේ යාත්‍රාවේ සිටින පිරිස වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බවයි.

එමෙන්ම, යාත්‍රාව සහ මගීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න සම්බන්ධයෙන් සලකා බලන බව ආරක්ෂක අංශ තවදුරටත් දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES